සේනා දළඹු වසංගතය සාර්ථකව මර්දනය කල හැකි ක්‍රමවේදයක් සොයාගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් මීළග යල කන්නයේදී කිසිදු බියකින් තොරව ගොවීන්ට තම වගා කටයුතු කල හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යපෘති සහ පුහුණු අංශයේ අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

මේ අතර සේනා දළඹු ව්‍යාප්තිය නතර වී ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවද දළඹුවා මර්දනය වී නොමැති බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පවසනවා.

නාවුල සොබාදහම් ගොවිපලේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීට වඩා විශාල ගුණයකින් දළඹු ප්‍රහාරයකට රටම ලක්විය හැකි බවයි.

LEAVE A REPLY