එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී මෙම පත් කිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පහත දුම්බර නව සංවිධායකවරයා ලෙසත් , පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ලලිත් දිසානායාක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරණායක නව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

මංජුල බණ්ඩාර මහතා වාරියපොල නව අසන සංවිධයකවරයා ලෙස සහ උදය විජේනායක මහතා හිරියාල නව අසන සංවිධායකවරයා ලෙසත් පත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කලේ.

මේ අතර ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාද එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය නව අසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

LEAVE A REPLY