නාවලපිටියේ සිට මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අවමංගල උත්සවයකට සහභාගි විම සඳහා ලොරි රථය ධාවනය කරන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථයකට ඉඩ ලබදීමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුනා.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

LEAVE A REPLY