මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව එළැඹෙන 14 වැනිදා ලැබීමට නියමිතව තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පැවසූවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවයි.

මේ වනවිට එම මිනීවල තුලින් මිනිස් සිරුරු 307 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 26 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමුවී තිඛෙනවා.

කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් පසුගිය ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන්නා.

 

LEAVE A REPLY