2000 වසරේ කැළණිය ,බොල්ලෑගල, ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ  පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසිනුයි මෙම නියෝගය සිදු කලේ.

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. රූපසිංහ හෙවත් නන්දන නමැති 57 හැවිරිදි තිදරු පියෙකුට මෙම දඬුවම නියම වුණා.

2000 ජනවාරි මස විසිදෙවැනිදා කැලණිය,බොල්ලෑගල ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ජයන්ත මදනායක නමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරයා , අනෙක් විත්තිකරු වරදකරු කරන බවට තීන්දු කළා.

LEAVE A REPLY