ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත‍්‍ර ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

මාර්තු මස 15 වැනිදා සිට එය ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ.

එම කියත් සතු සියලූ දෙනා ඒ පිළිබඳව ළඟම ඇති පොලිසියට වාර්තා කළ යුතු බවත් ජනාධිපතිවරයා සදහන් කළා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද පැවති වැඩසටහනකදියි.
ග‍්‍රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහායි එම සම්මන්ත‍්‍රණය පැවැත්වුණේ.

LEAVE A REPLY