විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිඛෙනවා.

සැකකරු විසින් ගෙන ආ ගමන් මලු තුළ රුපියල් දහසය ලක්ෂ විසි අට දහසක් ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 29,600 ක් සොයාගත් බවයි එම නිලධාරීන් සදහන් කලේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

LEAVE A REPLY