ඉන්දියාවේ මුම්බායි නුවරදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ සැකකරුවන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5ක් බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් එක් අයෙක් බ්‍රසීල ජාතික කාන්තාවක වන අතර සෙසු තිදෙනා නයිජීරියානු ජාතිකයන් බව ඉන්දීය වාර්තා වල සඳහන්.

නිවෙසක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය ජොහැනස්බර්ග් නගරයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

LEAVE A REPLY