උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිඛෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකගතාව පළ වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.

1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

LEAVE A REPLY