දිවයින හරහා සුළඟේ වේගය හෙට දිනයේ සිට වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-45 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.

LEAVE A REPLY