දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින දෙක තුලදී (26 සහ 27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රත්නපුර, කළුතර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන් දකුණු පළාතේත් රත්නපුර, කළුතර , මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

LEAVE A REPLY