කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්පළාත් පහක දිස්ත්‍රික්ක 11ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

රත්නපුර, කළුතර, නුවර-එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි සහ ඌව පළාතේ සහ කෑගල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බව සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY