එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති එක්දින තරගය වාර්තා රැුසක් අලූත් කළ තරගයක් ලෙස හැදින්විය හැකියි. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 418 ක් රැස් කළා. ලකුණු 419 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 48 දී සියළු දෙනා දැවී රැුස්කර ගත්තේ ලකුණු 389 ක් පමණයි.

කෙසේ වෙතත් කරට කර තරගයක් වූ මෙම තරගය වාර්තා රැසක් අලූත් කළ තරගයක් බවට පත්වුණා.

එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 154ක් රැස්කළ අතර එය එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ අවසන් පන්දුවාර 10 තුළදී රැුස්කළ වැඩිම දෙවන ලකුණු සංඛ්‍යාවයි. එංගලන්ත පිතිකරුවන් මෙම තරගයේදි සිය ඉනිමේදී හයේ පහර 24 ක් එල්ල කළ අතර එය එක්දින ඉනිමකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.

ඔවුන් බිඳ හෙලූවේද කොදෙව්වන් හයේ පහර 23 ක් එල්ල කරමින් පිහිටුවා තිබූ වාර්තාවක්.

බට්ලර් සිය ලකුණු 150 පන්දු 76 කින් වාර්තා කළ අතර එය දෙවැනි වේගවත්ම ලකුණු 150 අතර දෙවැනි ස්ථානය ලෙස සටහන් වුණා. මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් ඉයන් මෝගන් එක්දින ලකුණු 6000 පසුකර යාමට සමත් වූ අතර, එංගලන්ත පිතිකරුවෙකු ලෙස එක්දින ලකුණු 6000 පසුකළ පළමු පිතිකරුවා ලෙස මෝගන් වාර්තා අතරට එක්වුණා.

බට්ලර් මෙම තරගයේදී හයේ පහර 12 ක් එල්ල කළ අතර එය එංගලන්ත පිතිකරුවෙකු විසින් එක්දින ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. මෙම තරගයේදී කණ්ඩායම් දෙකම හයේ පහර 46 ක් එල්ල කළ අතර එය එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස කි‍්‍රකට් වාර්තා පොතට එක්වුණා.

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් සිය එක්දින පිටියේ ලකුණු 10000 සීමාව පසුකළේ, එම සීමාව පසුකළ 14 වැනි ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. මෙම තරගයේදී ක‍්‍රිස් ගේල් හයේ පහර 14 ක් එල්ල කළා. ඒත් සමග එක්දින, ටෙස්ට් හා විස්සයි – 20 තරගවලදී එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා යාමටද කි‍්‍රස් ගේල් මෙම තරගයේදී සමත් වුණා.

LEAVE A REPLY