ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා නිසි මුදලක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් වෙනත් ආකාරයකින් මුදල් සොයා ගැනීමට පෙළෙඹීමේ අවදානමක් පවතින බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

තමන්ගේ තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා ඇතැම් පුහුණුකරුවන් ක‍්‍රිඩකයන්ට යම් යම් ඖෂධ වර්ග ලබා දෙන බවද අනාවරණ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ‍්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ක‍්‍රිඩා ක්ෂේත‍්‍රයේ සිදුවන වංචා දුෂණ මැඩපැවැත්වීම සඳහා නව නිතිරීති ගෙන එන බවත් ක‍්‍රිඩා සංගම් සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරණ බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම තරග පවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අයට වසර 5ක සිර දඬුවමක් ලබා දිය හැකි පරිදි නීති සම්මත කරන බවත් කී‍්‍රඩා අමාත්‍යවරයා පැවසුවා.

LEAVE A REPLY