දකුණු අප‍්‍රිකාව සමග අද ආරම්භ වූ පළමු එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් තුල සියලූ දෙනා දැවී ලකුණු 231 ක් රැස් කළා. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් රැස් කිරීමට සමත් වූණා. එමෙන්ම නවක ක‍්‍රීඩක ඕෂද ප‍්‍රනාන්දු ලකුණු 49 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවුණා.

ධනංජය ද සිල්වා ලකුණු 39යි. කුසල් පෙරේරා ලකුණු පන්දු 36 ට මුහුණ දී ලකුණු 33ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඉම්රාන් තාහීර් පන්දුවාර 10ක් තුල කඩුලූ 03ක් දවාගත්තා. ඒ ඔහුගේ පන්දුවාර 10 තුළ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට රැුස්කිරීමට හැකි වුණේ ලකුණු 26 ක් පමණයි.

දකුණු අපි‍්‍රකාව මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින අතර, ඔවුන්ට හිමිවී ඇති ඉලක්ක්ය ලකුණු 232 ක්.

විචාරකයින් පැවසුවේ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂතාව මත තරගයේ ජය පැරදුම තීරණය වනු ඇති බවයි.

LEAVE A REPLY