ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කාන්තා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 160ක් සිය පළමු ඉනිම සදහා රැස් කළා.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට සිය පළමු ඉනිම සදහා ක්‍රීඩා කරමින් සිටිනවා.
තරගය පැවැත්වෙන්නේ ගුවහාටිහිදීයි.

දෙරට අතර පැවති තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගැනීමට සමත් වුනා.

LEAVE A REPLY