උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම් වනවා.

රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ බව නිවේදනය කර තිබුනා.

කෙසේ වෙතත් උතුරු කොරියා නායකයා රුසියාවේ සංචාරයේ නිරත වන දිනයක් හෝ කිසිදු තොරතුරක් පිළිබදව මෙතෙක් නිවේදනය කර නැහැ.

උතුරු කොරියා නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයා වියට්නාමයේදී හමුවීමෙන් අනතුරුව මෙලෙස රුසියානු ජනාධිපතිවරයා හමුවන බව නිවේදනය කිරීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මේ අතර රුසියානු පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට නියමිත බවද රුසියානු මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY