පකිස්ථානය සහ ඉන්දියාව පවතිින අර්බුදකාරී තත්ත්වය සමනය කිරිම මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසනවා. කාලාපීය ස්ථාවරයට ඉන්දු – පාකිස්ථාන සමගිය ඉතා වැදගත් බවයි චීනය පෙන්වා දෙන්නේ. ඉදිරියේදී දෙපාර්ශවය සමග සාකච්ඡුා කර මෙම ගැටළුව විසදීමට මුල් වීම චීනයේ අපේක්‍ෂාවයි.

කෙසේ වෙතත් දෙපාර්ශවයේ හැසිරීම් සාමය වෙනුවෙන් ලබා දෙන පණිවුඩ නොවන බව ජාත්‍යන්තර මතයයි. කෙසේ වෙතත් ආගමික පාසල් 180 ක පාලනය රජය යටතට පවරා ගැනීමට පකිස්ථානය කටයුතු කර ඇති අතර, සටන්කාමි සංවිධාන මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ලෙස එය ආරම්භ කළ බවද පාකිස්ථාන රජය පැවසුවා.

සවුදි අරාබිය මුදල් සැපයූ පාසල් වැඩි ගණනක් මෙලෙස රජයට පවරාගෙන ඇතැයිද සඳහන්.

මේ අතර යුද හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. යුධ මෙහෙයුම් සහ උපාය මාර්ගික සැලසුම් සඳහා නියෝජ්‍ය ආරක්ෂක ප‍්‍රධානියෙකු පත්කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි.

LEAVE A REPLY