විස්සයි විස්ස තරග ඉතිහාසයේ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට උරුමකම් කීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාවමට සිදුවුණා.

ඒ සියළු දෙනා ලකුණු 45 ට දවා ගැනිමට සංචාරක එංගලන්ත කන්ඩායම සමත් වීමත් සමගයි. ඊයේ පැවති විස්සයි විස්ස දෙවන තරගයේදී මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර විස්සේදි කඩුලූ හයකට ලකුණු 182ක් රැස්කළා.

ලකුණු 183 ක ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමට සියලූ දෙනා දැවි රැස්කරගත හැකිවුයේ ලකුණු 45ක් පමණයි.

LEAVE A REPLY