ඉතියෝපියවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මකයි. කාර්ය මණ්ඩලය අතුළු 157 කු සමග මෙම යානය අද කඩා වැටුණු අතර, ඒ සියළුදෙනා මරණයට පත්වන්නට ඇති බවයි ඉතියෝපියාව පවසන්නේ.

අඩිස් අබාබා නුවරින් ගමන් ආරම්භ කළ යානය විනාඩි 06 න් පසු අනතුරට පත්ව තිබුණා.

මෙම යානය බෝයිං සංමාගමෙන් මිලදී ගෙන ඇත්තේ මීට වසර 04 ට ඉහතදීයී. නවීන යානයක් මෙලෙස කඩා වැටීමට හේතු වූයේ කුමක්ද යන්න මේ දක්වා අනාවරණ වි නැහැ.

කෙසේ වෙතත් බොයිං සමාගම පවසා ඇත්තේ මෙම අනතුර පිළිබඳ වඩාත් පුළුල්ව අධ්‍යනයක් සිදු කරන බවයි.

මේ අතර අනතුරින් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන්ට සිය කණගාටුව පලකරමින් ඉතියෝපියානු අගමැති අබි අහමඞ් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

LEAVE A REPLY