සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම හා දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරගමාලාවේ තුන්වන තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ ඩර්බන්හිදීයී.

කාසියේ වාසිය දිනූ නායක ලසිත් මාළිංග පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය දකුණු අපි‍්‍රකානු පිලට බාර දුන්නා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අපි‍්‍රකානු පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 331 ක් රැස්කළා.

ක්වින්ටන් කොක් පන්දු 108 දී වේගවත් ලකුණු 121 ක් රැුස්කළා. ඔහුගේ ඉකිමට හතරේ පහර 16 ක් හා හයේ පහර 02 ක් ඇතුලත්.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන කඩුළු දෙකක් බිඳ හෙළුෑ අතර, ලසිත් මාළිංග හා කසුන් රාජිත හා කමිදු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

LEAVE A REPLY