දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හෙතුවෙන්අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයට තද වැසි හා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

අද පෙ.ව. 9.30 සිට රාත්‍රී 8.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY