ගුරු විදුහල්පති ලෙඩ නිමාඩු වර්ජනය හමුවේ අද පාසල් අධ්‍යාපන කටයුතු අඩා වුණා. අප වාර්තාකරුවන්ට අනුව සමස්ථයක් ලෙස පාසල් අධ්‍යාපන කටයුතු අද දිනයේදී අඩාල වී තිබූ බවත්, බොහෝ පාසල්වල අධ්‍යන කටයුතු අඩු වශයෙන් සිදු වූ බවත් පැවැසිය හකියි.

මෙම වර්ජනය පිළිබඳ කල් වේලා ඇතිව තොරතුරු වාර්තා වීම හේතුවෙන් දරුවන්ගේ පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණා. තවත් පාසල්වල දරුවන් කී‍්‍රඩා කරමින් හා සැහැල්ලූවෙන් කාලය ගත කළ බවද අප වාර්තාකරුවන් පැවසුවා.

දිවයිනේ අධ්‍යාපන කටයුතු එසේ වුවද උතුරේ දෙමළ පාසල්වල අධ්‍යන කටයුතු නිසි පරිදි සිදුවූ බවටද තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් උතුරේ සිංහල පාසල්වල අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදු නොවූ බවයි අප වව්නියාව වාර්තාකරු පැවසුවේ.

ඇතැම් ප‍්‍රදේශවල නාගරික පාසල්වල අධ්‍යයන කටයුතු යම් තරමකින් හෝ සිදු වුවද නගරවලින් පිටත පාසල්වල අධ්‍යයන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණා. වෘත්තීය සමිති 30 ක් ඒකාබද්ධව මෙම වර්ජනය කි‍්‍රයාත්මක කළද ඒ මත කි‍්‍රයා නොකළ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබඳද තොරතුරු වාර්තා වුණා. ඔවුන් පැවැසුවේ අපහසුතා තිබුණද තම රාජකාරියට මුල්තැන දී කි‍්‍රයාකරන බවයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද වැඩවර්ජනයක නිරත වුණේ වැටුප් ඇතුළු තවත් ගැටළු කිහිපයකට විසදුම් ලබා දෙන්නැයි රජයට බලකරමින්.

එම එකමුතුවේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසුවේ තම ගැටළුවලට විසදුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේදී දැවැන්ත අරගලයක් සිදුකරන බවයි.

LEAVE A REPLY