ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද කෙන්යාව බලා පිටත්ව ගියා. ඒ, එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීම සඳහායී. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා ලැබී ඇති බවයි.

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවද එම නිවේදනයේ දැක්වුණා.

ඊයේ නයිරෝබී නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY