හෙද වර්ජනයක් හේතුවෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාරක සේවා අඩාල වී තිබෙනවා. වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මකයි.

ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ, ශල්‍යකර්මයක් සිදුකරමින් සිටියදීයී. ශල්‍යකර්ම සඳහා යොදා ගන්නා උපකරණයකින් මෙම පහරදීම සිදුකර ඇති බවත්, තුවාල ලැබූ හෙදිය රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් අප වාර්තාකරු පැවසුවා.

LEAVE A REPLY