ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ඒකාබද්ධව නව සන්ධානයක් බිහිකිරීම පිළිබඳ පළමු නිල සාකච්ඡාව අද පැවැත්වුණා. එහි දෙවන සාකච්ඡුාවාරය ලබන 21 දා පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා.

සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂනායක කාර්යාලයේදීයී. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන නියෝජිතයින් සහභාගී වී සිටියා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම යන නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වුණා.

සාකච්ඡුාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා,

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡුාවට එක්වූ ඩලස් අලහප්පෙරුම මන්ති‍්‍රවරයාද මාධ්‍ය වෙත අදහස් පලකළා.

LEAVE A REPLY