උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගෙන, ඔවුන් වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොමු කිරීමේ තත්ත්වය අධ්‍යාපනයේ කඩා වැටීමකට හේතුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මනෝවිද්‍යා ගුරු උපදේශකවරුන් බදවා ගැනීමේ ප‍්‍රමාදයක් පවතින්නේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ඇමතිවරයා මේ බව පැවසුවා.

මනෝවිද්‍යා ගුරු උපදේශකවරුන් බදවා ගැනීමේ ප‍්‍රමාදයට හේතුව පළාත් සභා විසින් අදාල විස්තර කඩිනමින් ලබා නොදීම බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසුවා.

 

LEAVE A REPLY