මහාපරිමානයේ වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් එම සංකීර්ණය විවෘත කළා.

මෙම අධිකරණය සදහා විනිසුරුවරුන් 03 දෙනෙකු පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇති අතර, දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්.ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද‍්‍රන් යන විනිසුරුවරුන් ඒ සඳහා පත්කර තිබෙනවා.

අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි.

මෙහිදී අදහස් දැක්වූ අධිකඑණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ වංචා දූෂණ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත සිදු කෙරෙන අධිකරණ කි‍්‍රයාමාර්ග තවදුරටත් පුළුල් කිරීමට මෙමගින් අවස්ථා හිමිවන බවයි.

LEAVE A REPLY