පිළිකා රෝගීන් වාර්තා වීමේ තත්ත්වය වසරින් වසර ඉහළ යන තත්ත්වයක් නිරීක්‍ෂණය කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 2018 වසරේදී ශ‍්‍රී ලංකාවෙන් පිළිකා රෝගීන් 28000 ක් අලූතින් හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

එමෙන්ම පිළිකා හේතුවෙන් සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම වාර්තාවල දැක්වුණා.

2018 වසරේදී ලොව පුරා අලූතින් හඳුනාගෙන ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමෙන්ම ඉදිරි වසර 20 තුළදි වාර්ෂිකව හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5 දක්වා ඉහළ යන බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

LEAVE A REPLY