එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරින්වරිය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල පිළිගැනීමට රජය සූදානම් නැතැයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා අවධාරණය කළා.

ඒ පාර්ලිමේන්තුවේදී ජිනීවා කි‍්‍රයාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින්.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළා.

එහිදී විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේ අදාල යෝජනාවෙන් ඉවත්වීමට            ශී‍්‍ර ලංකාව පියවර ගත යුතු බවයි.

ඒ පිළිබඳ පිළිතුරු ලබා දුන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා,

කෙසේ වෙතත් මෙහිදී නැවත විමසීමක් සිදු කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ විපක්‍ෂ නායකවරයාගේ විමසීමට අදාල පිළිතුරක් නොලැබුණු බවයි. එබැවින් මෙම කාරණය නැවත පැහැදිලි කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයාට සිදුවුණා.

LEAVE A REPLY