සිසුන් 17 ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයා අධිකරණ නියෝග මත ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් 17 දෙනෙකු කාත්තන්කුඩි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක්. දිනෙන් දින ලබා දෙන පාඩම් නිසි පරිදි සම්පූර්ණ නොකිරීම හා පංතියේදී පාඩම්වලට අවදානය යොමු නොකිරීම සම්බන්ධවයි අදාල ගුරුවරයා මෙම සිසුන්ට දඩුවම් කර ඇත්තේ.

LEAVE A REPLY