Colombo : Sri Lanka's newly appointed cricket head coach Chandika Hathurusingha speaks during a media briefing in Colombo, Sri Lanka, Wednesday, Dec. 20, 2017.AP/PTI(AP12_20_2017_000166B)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිව අවසන් වීමත් සමග කඩිනමින් දිවයිනට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවැසුවේ ඉදිරි ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ චන්දික හතුරුසිංහ සමග විශේෂ සාකච්ඡුාවක් සිදුකිරීමට නියමිත බැවින් මෙම කැඳවීම සිදු කර ඇති බවයි.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුගේ වගකීම ස්ටේව් රික්සන් වෙත පැවැරීමටද පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන තරගමාලාව සඳහා ඉදිරිපත් කළ යුතු අවසන් කී‍්‍රඩකයින් කවුරුන්ද සහ නායකත්වය පවරන්නේ කාටද යන කරුණු මූළික කර ගනිමින් චන්දික හතුරුසිංහ සමග සාකච්ඡුා සිදු කිරීමට නියමිතයි.

දකුණු අපි‍්‍රකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය ජය ගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී දක්‍ෂතා අතරට පැමිණියේ නැහැ. මේ දක්වා පැවැති එක්දින තරග 4 ම ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ටෙස්ට් තරගාවලියේදී නායකත්වය ඉසිලූවේ දිමුත් කරුණාරත්නටයි. කෙසේ වෙතත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ලසිත් මාලිංගයි.

LEAVE A REPLY