අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂයන් පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී වැඩබලන විදුහල්පතිවරුන් පත් කිරීම, ජීව විiා අංශයට අදාල විෂය ඒකක නිකුත් කිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳ සභාවේ අවදානය යොමු වීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

එම කතාබහ ඇති වුණේ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සිසිර ජයකොඩි හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතරයි.

එම කතාබහ තවත් උණුසුම් වුනේ විදුහල්පතිවරුන් පත් කිරීමට පැහැදිලි වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වීමත් සමගයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා පැවසුවේ අයවැයේ වෙන් කිරීම් ඉලක්කම් කිහිපයකට පමණක් සීමා වී ඇති බවයි.

විවාදයේදී බන්දුල ගුණවර්ධන මන්ති‍්‍රවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ද මෙවැනි සංවාදයක් ඇති වුණා.

ළගම පාසල හොඳම පාසල වැනි වැඩසටහන් ඉතා වැදගත් බවත්, හොඳ මෙන්ම නරකද සංචාදයට භාජනය විය යුතු බවත් විවාදයේදී අදහස් දැක්වූ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියා.

LEAVE A REPLY