රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ හා වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 900 ක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව පැවැසුවේ වංචා හා දූෂණ පිළිබඳ පැමිණිලි ලබන අගහරුවාදා දක්වා බාර ගන්නා බවයි.

වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයකට අදාලව අමාත්‍යවරුන් මැදිහත් වී ඇති බවත්, එමගින් රජයට රුපියල් මිලියන 1492 ක පාඩුවක් සිදුව ඇති බවටත් පැමිණිලි ලැබී ඇති බවයි එම කොමිෂමේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

එමෙන්ම කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් හානියට පත් නිවාස හා ගොඩනැගිලි සඳහා වන්දි ගෙවීමේදී නිවැරදි තක්සේරු ඉදිරිපත් කර නොකිරීම පිළිබඳද පැමිණිලි ලැබී තිබෙනවා.

සිංගප්පුරු – ශ‍්‍රි ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කර ඇති බව එලෙස ලැබී ඇති තවත් පැමිණිල්ලක්.

LEAVE A REPLY