ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපා දමමින් තමන් දේශපාලන වශයෙන් අසරණ කිරීමේ උත්සාහයක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති චන්දි‍්‍රකා කුමාරතුංග මහත්මිය පවසනවා.

තමන් හොරකමට හා වංචාවට විරුද්ධ බැවින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, කිසි විටෙක ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අත් නොහරින බවත් ඇය අවධාරණය කළා. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවා.

LEAVE A REPLY