පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පවරා තිබෙනවා. මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතායි.

කෙසේ වෙතත් රවී වෛiලංකාර මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු එම තනතුර පුරප්පාඩු වුණා.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එහි වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පැවරීමටයි පොලිස් කොමිසම තීරණය කර තිබෙන්නේ.

LEAVE A REPLY