උණුසුම කාලගුණ තත්ත්වයේ බලපෑම තවදුරටත් ප්‍රබල වෙමින් තිඛෙනවා.

වයඹ පළාත තුළ හා මොනරාගල, මන්නාරම, වව්නියාව, මුලතිව්, ගම්පහ හා හම්බන්තොට යන දිස්ති්‍රක්කවල උණුසුම් තත්ත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ විවිධ රෝගාබාධ පැතිර යාමේ අවදානමක් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

එම තත්ත්වය පිළිබඳ ජනතාව වැඩි අවදානයක් යොමු කිරීම ඉතා වැදගත් බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවෙි.

LEAVE A REPLY