ලෝක කුසලාන කි‍්‍රකට් තරග මාලාවට කී‍්‍රඩකයින් තෝරන පළාත් කි‍්‍රකට් තරගාවලිය අද ආරම්භ වුණා. අද ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතරත්, කොළඹ හා දඹුල්ල කණ්ඩායම් අතරත් තරග පැවැත්වුණේ පල්ලෙකැලේ හා දඹුල්ල යන කී‍්‍රඩාංගනවලදීයී.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම හා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ගාල්ල කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළා. පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියළු දෙනා දැවී ලකුනු 255 ක් රැස්කලා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිමේදී මහනුවර කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 05 දී සියළු දෙනා දැවී රැුස්කර ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි. එහිදී නායක ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මහනුවර කණ්ඩායමේ කඩුළු 07 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර දඹූල්ල කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායම පරදා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම ජය වාර්තා කළා. ඔවුන් පළමුව පන්දුවට පහර දෙමින් රැුස්කළ ලකුණු සංඛ්‍යාව 238 ක්. කෙසේ වෙතත් පන්දුවාර 36 දී සියළු දෙනා දැවී ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමට රැුස්කර ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

මේ අතර මෙවර පැවැත්වෙන පළාත් කි‍්‍රකට් තරගමාලාවේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ වී රේඩියෝවයි. එම තරගාවලියේ සෑම තරගයක්ම පන්දුවෙන් පන්දුව විස්තර විචාරය සජීව ලෙස ලබා දීමට වී ගුවන් විදුලිය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY