පළාත් කි‍්‍රකට් තරග මාලාවේ අද පැවැති තරගයකින් දඹුල්ල කණ්ඩායම පරදා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යු ගාල්ල කණ්ඩායම ජය වාර්තා කළා. පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 345 ක් රැස්කළා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිමේදී සියළු දෙනා දැවී මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමට රැුස්කර ගත හැකි වූයේ ලකුණු 269 ක් පමණයි.

මේ අතර පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී අනෙක් තරගය පැවැත්වුණේ කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්යෙන් යුතු කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් දැවී රැුස්කළ ලකුණු සංඛ්‍යාව 289 ක්.

පිළිතුරු ඉනිම දියත් කළ මහනුවර කණ්ඩායම කඩුළු 05 ට ලකුණු 205 ක් රැස්කරගෙන සිටියදී තරගය අත්හිටුවීමට සිදුවුණා. ඒ අදුරු ආලෝක තත්ත්වය හේතුවෙන්. කෙසේ වෙතත් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව එම තරගයේ ජය හිමිවුණේ කොළඹ කණ්ඩායමටයි.

මේ අතර මෙවර පැවැත්වෙන පළාත් කි‍්‍රකට් තරගමාලාවේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ වී රේඩියෝවයි. එම තරගාවලියේ සෑම තරගයක්ම පන්දුවෙන් පන්දුව සජීව ලෙස විස්තර විචාරය ලබා දීමට වී ගුවන්විදුලිය පියවර ගෙන තිබෙනවා.

පළාත් කි‍්‍රකට් තරගාවලියේ තුන්වන හා සිව්වන ස්ථාන තේරීමේ තරගය ලබන 10 දා පැවැත්වීමට නියමිතයි. එම තරග දඹුල්ල හා පල්ලෙකැලේ කී‍්‍රඩාංගනවලදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එමෙන්ම සුපිරි පළාත් කි‍්‍රකට් තරග මාලාවේ අවසන් මහා තරගාවලිය ලබන 11 දා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY