2019 අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

අලුත්සහල් මංගල්‍යට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ඇතුළු පිරිස රුවන්වැල සෑ රදුන් අභියස පැවති කිරිපිඩු පූජාවට සහභාගී වූණා. මහවැලි එච් කලාපයේ ගොවීන්ගේ අස්වැන්නේ පළමු කොටසින් එම කිරිපිඩු දානය සකසා තිබුණා.

අලුත් සහල් මංගල්‍යයේ ජාතික උත්සවය මෙවර පැවැත්වුණේ 52 වන වරටයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එය සංවිධාන කළා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සංවිධාන කෙරුණා.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ වර්තමානයේ දී පමණක් නොව රජ සමයේදීද ජනතාවගෙන් බදු අයකර ඇති බවයි.

එමෙන්ම දේශගුණික තත්ත්වයන් හා අනෙකුත් කාරණා මත පදනම් වෙමින් කෘෂිකර්මාන්තයට නව ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් හදුන්වා දිය යුතු බවද අගමැතිවරයා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

LEAVE A REPLY