මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යලි අවධාරණය කර තිබෙනවා.

2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා‌ රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ.

ප්‍රංශය , ජර්මනිය , ඉතාලිය , නෙදර්ලන්තය , රොමේනියාව , නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව යුරෝපා සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බවයි යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සදහන් කර ඇත්තේ.

මත්කුඩු ජාවාරම එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ඵලදායී ප්‍රතිකර්මයක් නොවන බව එම සංගමයේ අදහසයි.

LEAVE A REPLY