අද මධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.

වර්ජනය හේතුවෙන් හෙට දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද තීරණය කර තිබේ.

රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි එම සංගමය සදහන් කලේ.

LEAVE A REPLY