උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද ආරම්භ වනවා.

මගීන්ගේ පහසුව වෙනුවෙන් දුරගමන් සේවා දුම්රිය වාර 24ක් පමණ ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ ඒ පිලිබඳ අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා.

අලුත් අවුරුදු සදහා ගම්බිම් වෙත යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් පසුගිය 08වනදා ආරම්භ වුනා.

ඒ අනුව ලබන 22 දක්වා කොළඹ සිට අනෙකුත් ප්‍රදේශ වෙත විශේෂ බස් රථ ධාවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

එහිදී දීප ව්‍යාප්තව අතිරේක බස්රථ 1500ක් කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිද්දැල්ආරච්චි මහතා.

මේ අතර උත්සව සමයේ ගමන් බිමන් යාමට දුම්රිය භාවිත කිරීමේදී වඩාත් පරික්ෂාකාරී විය යුතු බව දුම්රිය ආරක්ෂණ අධිකාරිය පවසනවා.

විශේෂයෙන් ගැට කපන්නන්ගෙන් තම ගමන් මලු , වටිනා දෑ ආරක්ෂා කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එම දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

එමෙන්ම දුම්රිය ගමන් කිරීමේදී පාපුරුවේ යාමෙන් වැලකි සිටීමටද වග බල ගත යුතු බව ඔහු පැවසුවා.

LEAVE A REPLY