දැඩි අව් රශ්මියට නිරාවරණය වූ ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

එහිදී දැඩි අව් රශ්මිය හේතුවෙන්කේක් සහ රස කැවිලි ආදියේ රසායනික සංයුතිය වෙනස්වී ගුණාතමකභාවයට හානි විය හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෑම විටම ආරක්ෂිත ක්‍රමවේද යටතේ අසුරන ලද ආහාර පමණක් භාවිතයට ගත යුතු බව එම සංගමයේ අදහසයි.

එමෙන්ම මේ දිනවල පවතින විදුලි විසන්දි කිරීම් හේතුවෙන් ශීතකරණ නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීමේ තත්ත්වය තුළ මස්, මාළු ඇතුළු ආහාර අනාරක්‍ෂිත විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY