දිවයිනේ ඇතැම් පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඌව, සබරගමුව සහ මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ​ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

කෙසේවෙතත් වයඹ , උතුර සහ උතුරුමැද පළාත්වල තවදුරටත් උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියේ එම උන්ශ්නධික කාලගුණ තත්ත්වය අප්‍රේල් මස අවසානය දක්වා පවතිනු ඇති බවයි.

 

LEAVE A REPLY