කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණ ගොඩනැගිල්ලකින් ඇද වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කලේ අදාල ගොඩනැගිල්ලේ 18 වන මහලේ සේවයේ නිරතව සිටි තරුණයෙකු ඉන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ඌරල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අයෙක්.

කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY