ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරගාවලිියක් සඳහා එක්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිඛෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් එක්වන අතර එම කණ්ඩායම් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩිඇන්ඩ්‍රා ඩෝටන්, ස්ටෙෆනි ටේලර් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඩේන් වෑන් නීකක් සහ එම කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා මරිසන් කප් ද එක්වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ.

මෙම ප්‍රදර්ශනාත්මක තරගාවලිය ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිියේ අවසන් වටයේ තරග පැවැත්වෙන කාල සීමාව තුල පැවැත්වීමට සැලසුම් කර තිඛෙනවා.

LEAVE A REPLY