හැටන් දිඹුල පොලිස් වසමට අයත් ඩ්‍රෙටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද දහවල් එල්ල වු බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 21 දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි දිඹුල පොලිසිය පැවසුවේ.

අද උදැසන 11 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි තිබුනා.

ඊයේ පස්වරුවේද එම වතුයායේම වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් 36 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබුනා.

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග යලිත් බඹර ප්‍රහාර උත්සන්න වි ඇති අතර එම බඹර වද ආරක්ෂා කර ගැනිමට බඹරුන් මෙසේ පහර දෙන බවයි පරිසරවේදින් කියා සිටින්නේ.

LEAVE A REPLY