ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිඛෙනවා.

පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ වසර 850 ක් පැරණි Notre-dame ප්‍රධාන දේවස්ථානයේ වහල අදාල ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම ගින්නෙන් මෙම ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් ආරක්ෂා කරගැනීමට හැකිවී තිඛෙනවා.

දේවස්ථාන ගොඩනැගිල්ලේ හටගත් ගින්න නිවීමට ගිනිනිවීමේ භටයන් 400ක් එක්ව සිටි අතර ඉන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය සදහන් කලේ.

මේ අතර ගින්න හටගත් අවස්ථාවේ දේවස්ථානය තුළ තිබූ සිතුවම් ඇතුළු කලා නිර්මාණ විශාල ප්‍රමාණයෙන්, කොටසක් පමණක් බේරාගැනීමට හැකිව තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, මෙය ප්‍රංශ වැසියන්ගෙන් , කොටසක් ගිනි ගෙන දැවෙනු බලාසිටීම හා සමාන බවයි .

එමෙන්ම දේවස්ථානය යළි ගොඩනැගීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ලෝක උරුමයක් වන Notre-dame ප්‍රධාන දේවස්ථානය ඉදිකෙරුණේ 12 වැනි ශත වර්ෂයේදීයි.

(ඡායාරුප විදෙස් මාධ්‍ය ඇසුරින්)

LEAVE A REPLY