ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ කි‍්‍රයාධාමයට අදාළව අද රාත‍්‍රී 12.00 සිට හදිසි නීතිය කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාල බලතල පොලිසියට සහ ත‍්‍රීවිධ හමුදාවට හිමිවනු ඇති. ත‍්‍රස්තවාදය වැලැක්වීමට අදාල වගන්ති පමණක් හදිසි නීතිය යටතේ ගැසට් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

එමෙන්ම අද රාත‍්‍රී 8.00 සිට හෙට අලූයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් ඒ සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡුා කිහිපයකදීම අවදානය යොමු වී ඇති අතර, එම සාකච්ඡුාවල අවසන් තීරණයක් ලෙසයි හදිසි නීතිය කි‍්‍රයාත්මක කිරීමට තීරණය වී තිබෙන්නේ. ඒ අනුව අදාල කි‍්‍රයාමාර්ග ගැනීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් පොලීසියට සහ ත‍්‍රිවිධ හමුදාවට පවරා තිබෙනවා.

මේ අතර හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමටද ජනාධිපතිතිවරයා තීරණය කර ඇති අතර, ඉදිරි කි‍්‍රයාමාර්ග සඳහා ජාත්‍යන්තරයේ සහය ඉල්ලා සිටීමද එම සාකච්ඡුාවල ප‍්‍රධාන අරමුණක්.

දේශීය ත‍්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධාන සිටින බවයි බුද්ධි අංශ වාර්තාකර තිබෙන්නේ. එබැවින් එම කණ්ඩායම් මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම රජයේ අපේක්‍ෂාවයි.
මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නගන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY